1150 x 80 px

කොළඹ රාජකීයයේ තරුණ දරුවෙකු මාරක රිය අනතුරින් ජීවිතය දමා යයි!

අද අළුයම කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් රාජගිරිය ප්‍රදේශයේදී තාප්පයක ගැටීම හේතුවෙන් එක් සිසුවෙක් එම ස්ථානයේදීම මරණයට පත්වූ අතර තවත් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

මෙම දරුවන් පිරිස, අද පැවැත්වීමට නියමිත ව තිබූ රාජකීය විද්‍යාල මාධ්‍ය ඒකකය විසින් පැවැත්වීමට සැලසුම් කළ ‘ඉන්ටෙන්ස් 2017’ (Intense 2017) සඳහා අද අළුයම වන තෙක් සියලු උත්සව සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සිසුවෙකුගේම මෝටර් රියකින් නිවෙස් බලා යමින් සිටින අතරවාරයේ මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබේ.

 රිය පදවන අතර අධික වෙහෙසට  නින්ද යාම නිසා මේ විපත සිදුවන්නට ඇති බවට සැක කෙරේ.

අනතුරින් සිසුන් හත් දෙනෙක් තුවාළ ලැබූ අතර එක් අයෙකුගේ මොළය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.
‘ඉන්ටෙන්ස් 2017’ උත්සවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන් දරුවන්, ජීවිතයේ එළිපත්තේ හිඳි, පාසලට ආලෝකයක් ගෙන දීම සඳහා කැපවෙමින් දිවා රෑ නොබලා වෙහෙස වුණු තරුණ ජීවිත ය.

කොළඹ ජනප්‍රිය පාසල්වල දරුවන් අසීමාන්තික ලෙස බාහිර වැඩ සඳහා යොමු කරන බවට චෝදනාවක් කලෙක පටන් පවතියි. ඇතැම් දෙමාපියන් පවසන්නේ දරුවන්ට ඇතැම් විටදී විභාග සමත් වනවාටත් වඩා වැඩි වෙහෙසක්, කාලයක් මෙන්ම මුදල්ද, බාහිර සහ විෂය සමගාමී කටයුතු සඳහා අමතරව යොදවන්නට සිදුවී ඇති බවයි. අද අළුයම හටගත් මෙම සිද්ධිය ගැඹුරින් විශ්ලේෂණය කර බැලිය යුතුව තිබෙන්නේ එනිසා ය. මෙම දරුවන් පාසල වෙනුවෙන් සිදුකරන මෙවැනි අමතර කැපවීම්වලදී ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීමක් පාසලට නොතිබේද? දැඩි උනන්දුව, තරුණ ජවය හෝ සිය කැමැත්ත නිසා හෝ මේ දරුවන් වේලාව-අවේලාව නොබලා එම කටයුතුවල යෙදෙන විට ඒ පිළිබඳ පාසලට ඇති අසීමාන්තික වගකීම නිර්වචනය කළ හැක්කේ කෙසේද?

- අමාලි ජයවීර

royal accident 1

 royal accident 2

royal accident 3

 

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top