1150 x 80 px

මත්තල ගුවන්තොටුපොළට වන අලි කඩා පනී!

තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩා දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

 

ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබුණි.

හම්බන්තොට සිදු කරනු ලබන සංවර්ධන කටයුතු හමුවේ වන අලින්ගේ වාස්සථාන අහිමි වෙමින් පවතින අතර වන අලින් හට වෙන් කර ඇති යෝජිත වන අලිකලමණාකරන රක්ෂිතය ද මේ වනවිට විවිධ සංවර්ධන කටයුතු සදහා මෙන්ම, ජාවාරම්කරුවන්ගේ හා වන ඝාතකයින්ගේ ගොදුරක් වීම තුල මෙම ගැටළු මතුවී ඇති බවයි වනජීවී නිලධාරින් පෙන්වා දෙන්නේ.

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ හා ඒ අවට ජනතාවගේ රැකවරණය තහවුරු කිරීමට හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු බවත්, ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි – ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය හා ජල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බවත් පරිසරවේදී සජීව චාමිකර කියා සිටී

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

mat

mat2

mat3

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top