1150 x 80 px

ද්විත්ව පුරවැසිභාවය හිමි රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටත් වැඩ වරදී !

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට ගීතා කුමාරසිංහ මහත්මියට ලැබුණු නඩු තීන්දුවෙන් අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාට ලිපියක් යොමුකරමින් පැෆරල් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ද්විත්ව පුරවැසිභාවය දරණ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

 

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය දරණ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කථානායකවරයා විසින් ඉදිරියේදී නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

එහෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අශ්වින් ද සිල්වා, ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ වැනි අය සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

දිලීප විජේසුන්දර කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ම 2015 ජනවාරි 09 වනදාය. ඒ මංගල සමරවීර මහතාට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය ලැබුණහොත් වරාය සභාපති තනතුර භාරගැනීම සඳහාය. එහෙත් මංගල සමරවීර මහතාට ලැබුණේ විදේශ අමාත්‍ය ධුරය හෙයින් ඔහු යටතේ තිබුණු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට දිලීප විජේසුන්දර පත්විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top