1150 x 80 px

සයින්දමර්දු සාකච්චා තවදුරටත්

සයින්දමර්දු ප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ලබාදීම සම්බන්ධයෙන් තවත් සාකච්චාවක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

 

එම සාකච්චාව නැගෙනහිර පළාත නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් සියළුම පක්ෂවල එකඟතාවයෙන් විසඳුමක් සෙවීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සිය බලප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සයින්දමර්දු ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවක ද නිරත විය.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top