1150 x 80 px

උතුරු පළාත් අධ්‍යාපන ඇමති සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලයි

ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්. සර්වේෂ්වරන්ට එරෙහිව නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

 

මේ සම්බන්ධයෙන් හෙට (20) දිනයේ නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන බව ආණ්ඩුකාරවරයා පැවසීය.

වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේදී පසුගිය 15වනදා පැවති උත්සවයකදී එස්. සර්වේෂ්වරන් විසින් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කර තිබිණි. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කර ඇත.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top