1150 x 80 px

ගාල්ලේ ඇඳිරි නීතිය අවසන්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සවස සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණි. මේ වන විට එම ප්‍රදේශ සාමකාමීව පවතින වාර්තා වේ.

 

මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණේ ගිංතොට - නැගෙනහිර, ගිංතොට - බටහිර, වැලිපිටිමෝදර, මහහපුගල, පියදිගම සහ කුරුඳුවත්ත යන ප්‍රදේශ වලටය. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ද එම ප්‍රදේශ වල ආරක්ෂාව සඳහා පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කර ඇත.

ගාල්ල ප්‍රදේශයේ මෙසේ ආරක්ෂාව තර කිරීමට හේතු වූයේ පසුගිය 17 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් උද්ගත වූ නොසන්සුන්තාවකි. ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් 19දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top