1150 x 80 px

මුස්ලිම් කොංග්‍රසය දෙතැනක තනිවෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා තනි පක්ෂයක් ලෙසින් තරඟ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

 

එහි මහලේකම් නිසාම් කාරියප්පර් මහතා මේ බව ප්‍රකාශ කළේය.

දිවයිනේ ඉතිරි පළාත් සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව තරඟ කරනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නාමයෝජනා සකස් කරමින් පවතින බවත් ඉදිරියේදී එහි උත්තරීතර මණ්ඩලය රැස්වී අවසන් තීරණවලට එළඹෙන බවත් කාරියප්පර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top