1150 x 80 px

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින් ගමන් කරයි!

නාසා ආයතනය මඟින් අභ්‍යවකාශයේ තොරතුරු ලබා ගැනීම සහ පරික්‍ෂණ කටයුතු සඳහා අභ්‍යවකාශයේ කක්‍ෂගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඊයේ (23) පස්වරු 6.25 ට ලංකාව හරහා ගමන් කලේය.

පාද කදුවැටියට ඉහළින් ගමන් කළ එම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අධික වේගයෙන් නැගෙනහිර දිශාවට ගමන් කරන ආකාරයක් අප කැමරා කාචයේ සටහන් වුණා.

විනාඩි පහක් පමණ ඉහළ අහසේ දිස් වූ මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල රටවල් කිහිපයක ගගනගාමීන්, විද්‍යාඥයන් සහ කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් එය තුල රැදි සිටින බවයි නාසා ආයතනය පවසයි.

ලංකාව හරහා මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.

 

JATHAUNATHARA ABYAWAKASHA

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top