1150 x 80 px

ගෝඨාභයගේ වාරණය 15 වැනිදා දක්වා දීර්ඝ වෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ලබාදුන් අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සම විභාගයට ගනිමින් අද (06) අභියාචනාධිකරණය මෙම වාරණය දීර්ඝ කිරීමේ නියෝගය ලබා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් ඉදිකළ රාජපක්ස අනුස්මරණ කෞතුකාගාරය සඳහා රාජ්‍ය දේපල භාවිතා කළ බවට හෙළි වූ අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ පවත්වමින් සිටී.
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සම හරහා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top