1150 x 80 px

පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

 

ඒ අනුව පොල් ගෙඩියක රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ එකක මිල රුපියල් 130ක් ලෙසත් ආනයනික අර්තාපල් කිලෝ එකක මිල රුපියල් 76ක් ලෙසත් උපරිම සිල්ලර මිල නියම කර ඇත.

මෙම ආහාර ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල දැක්වෙන ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බව සඳහන්ය.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top