1150 x 80 px

උතුරේ දේශපාලන පක්ෂ මතගැටුම් තවදුරටත්
පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී උතුරේ දේශපාලන පක්ෂ අතර මතගැටුම් තවදුරටත් වර්ධන වී ඇති බව වාර්තා වේ.
සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නායකත්වයන් යුත් ඊපීආර්එල්එෆ් සංවිධානය මුලින්ම දෙමළ සන්ධානයෙන් ඉවත්ව මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළ අතර එම පක්ෂය මේ වනවිට තවත් පක්ෂ කිහිපයක් සමග නව සන්ධානයක් බිහිකර ගැනීම සඳහා කටයුතු කරමින් සිටී. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ ජනමතයට එරෙහිව යමින් ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු කරමින් සිටින බවයි.
 
මේ අතර දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයද දෙමළ සංවිධානයෙන් ඉවත්ව මැතිවරණයට මුහුණ දීමට අද (06) තීරණය කර තිබේ. 
 
මීට පෙර යාපනයේදී පැවැත්වූ සාකච්ඡාවකදී දෙමළ සන්ධානයේ සෙසු පක්ෂ හා එක්ව මැතිවරණය ඉදිරිපත්වීමට එම පක්ෂය තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ තීරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබිණි. කෙසේ වෙතත් දෙමළ සන්ධානයෙන් ඉවත් වන බව ටෙලෝ සංවිධානය තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත.
 
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බොහෝ දුරට බලවත් නව සන්ධානයක් ගොඩනැගීමේ ඉඩක් පවතින අතර ඒ සඳහා පැරණි පක්ෂ කිහිපයක් මෙන්ම නව දේශපාලන සංවිධාන ගණනාවක් ද කටයුතු කරමින් සිටී.
 
කලකට පෙර උතුරේ ප්‍රබලතම දේශපාලන චරිතය වූ, දෙමළ එක්සත් පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා මෙම සන්ධානය පිහිටුවීම පිටුපස සිටින ප්‍රබලතම දේශපාලන චරිතය වී ඇති අතර බොහෝ දුරට නව සන්ධානය ඔහුගේ නායක්තවයෙන් පිහිටුවනු ඇත. එසේ වුවහොත් එ් හරහා දෙමළ සන්ධානයට දැඩි පසුබෑමකට ලක්වනු ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top