1150 x 80 px

පාදෙණියගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණයට අපහාස කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කර තිබුණු මූලික විරෝධතාවය අද (06) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

 

ඒ අනුව ඔහුට විරුද්ධව සිවිල් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු විසින් ගොනුකර තිබුණු පෙත්සම 2018 මාර්තු 10 වන දා විභාගයට ගැනීමට එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල විසින් නියම කෙරිණි.

සයිටම් ආයතනයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙසට 2017 ජනවාරි 31 අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විසින් හෑල්ලුවට ලක් කරනලදැයි පවසමින් ඉහත පෙත්සම ගොනුකර තිබිණි.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top