1150 x 80 px

දැනටමත් අපි දිනලා ඉන්නේ - මහින්ද අමරවීර

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියත වශයෙන් බලය තහවුරු කරගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් සමඟ එකට එක්ව මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සාකච්ජා කළද එය සාර්ථක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් ජය ගැනීම ශ්‍රීලනිපයට අපහසුවක් නොවන අතර දැනටමත් ජයග්‍රහණය තහවුරු කර ගෙන ඇති බව අමරවීර මහතා ප්‍රකාශ කළේය. 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් කණ්ඩායම් ලෙස ඉවත්ව ගිය සෑම කෙනෙක්ම පැවසුවේ සැබෑ ශ්‍රීලනිප කණ්ඩායම තමන් බව වුවද ඒ සියලු දෙනාටම නැවත පැමිණීමට සිදුවූ බව සිහිතබා ගත යැයි අමරවීර මහතා පැහැදිලි කළේය. දෙපාර්ශවය සහයෝගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ පරාජයෙන් බේරීමට නොව ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.


ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top