1150 x 80 px

පුංචි ඡන්දයට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් දිනවීම හැර වෙනත් පක්ෂයක අපේක්ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතු බවට වන තීන්දුවකට මධ්‍යම කාරක සභාව එළඹි බව අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ශ්‍රීලනිප කණ්ඩායම සහය පළ කළ යුත්තේ සිය පක්ෂයේ කණ්ඩයමට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයට අතදිගු කළද ඔවුන් එය වටහා නොගත් බවක් පෙනෙන්නට ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයෙක් හා ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසාවෙනැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට සෙසු පක්ෂ නායකයන් එකඟතාව පළකර ඇති අතර එය කඩාකප්පල් කරන්නේ අතලොස්සක් දෙනා බවයි හෙතෙම අවධාරණය කළේ. මහින්ද රාජපක්ෂ මහතා පවා එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top