1150 x 80 px

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද

‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ, ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද ( 07 )ට යෙදී තිබේ.

 

ඊට අදාළ ජාතික දින සැමරුම් උත්සවය අද නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

සම්පූර්ණයෙන් ම නොමිලේ දරුවන්ට ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් බිලියන 5කට ආසන්න වේ. සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 02 බැගින් වන රක්ෂණාවරණයක් හිමි වේ. මේ අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන සහ නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන් ඇතුළු ව ශ්‍රී ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසක් මෙම රක්ෂණයෙන් ආවරණය වෙයි.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂික ව රුපියල් 10,000 ක් දක්වා ද, රෝහල්ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විට දී රුපියල් 75,000 ක වන්දි මුදලක් ද ලබා දෙයි. එමෙන් ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්වයක දී රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top