1150 x 80 px

වත්කම් හෙළි නොකලාට සජින් වාස්ට දඩ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දරන සමයේ සිය වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙනි.
සජින් වාස් මහතා 2011 සහ 2012 වසරවලදී සිය වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර සජින් වාස් මහතා අධිකරණයේදි සිය වරද පිළිගෙන තිබේ. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ගුණවර්ධන මහතාට මෙම දඩ මුදල නියම කර තිබේ.
 
පහතින් පළවන්නේ සජින් වාස් ගුණවර්ධන මහතාට නියම කළ දඩ මුදල සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ඇතුළත් කර තිබූ බැනරයකි.
 
sajin vas

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top