1150 x 80 px

හොර මෘදුකාංග යොදා පාරිභෝගිකයන් රැවටුවාට වොක්ස්වැගන් විධායකට වසර 7 ක සිරදඬුවම්!

මෘදුකාංගයක් යොදා ගනිමින්, ඇමරිකාවේ වායු දූෂණ සීමාව ( pollution limits) මග හරිමින් කටයුතු කළ වරදට, වොක්ස්වැගන් සමාගමේ හිටපු විධායක ඔලිවර් ෂ්මිට් වසර 7 ක සිරදඬුවමක් සහ ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 ක දඩයක් නියම කර තිබේ.

 

මෙම වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශණ වලදී පැහැදිලි වී තිබුනේ වොක්ෂ්වැගන් ඩීසල් මෝටර් රථ ලක්ෂ 6 ක සවිකර තිබූ මෙම මෘදුකාංගය මගින්, වාහනයෙන් පිටවන වායු තත්වය පරීක්ෂාවේදී ‘හොද' දත්ත පෙන්නුම් කරන අතරම වාහනය ධාවනය වන විට එම අගයන් වෙනස් වන බවයි.

මෙම තොරතුරු 2015 සැප්තැම්බර් මාසයේ හෙලි වී තිබූ අතර වංචාව නිසා සිදුවී ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලයන 30 ක් බව ගණන් බලා ඇත.

වයස අවුරුදු 48 ක් වූ ඔලිවර් ෂ්මිත් මෙම වංචාවේ වරදකරු වූ දෙවැනියාය. 2016 සැප්තැම්බර් මාසයේ වොක්ස්වැගන් සමාගමේ ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු වූ ජේම්ස් ලියන්ග් මෙම වංචාව සම්බන්ධයෙන් වසර 5 ක සිරදඬුවමකට යටත් කරනු ලැබීය

කුමී විජේවර්ධන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top