1150 x 80 px

සාමාන්‍ය පෙළ විෂයයන් 06 දක්වා අඩු වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයයන් ප්‍රමාණය 09 සිට 06 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා නුගේගොඩදී අද (07) පැවති රැස්වීමකට සහභාගිවෙමින් මේ බව ප්‍රකාශ කළේය.
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන්ට මුහුණ දීමට සිදුවන ආතතිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිත වේ. 
 
පවත්නා විෂයයන් වඩාත් ප්‍රායෝගික හා සංවර්ධිත විෂය නිර්දේශයන්ගෙන් සමන්විත වන ආකාරයෙන් සකස් කිරීමට ද පියවර ගන්නා බව ඇමතිවරයා පවසයි. සමහර විෂයයන් විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන පරිදි  සකස් කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා පවසන්නේ එම විෂයයන් වඩාත් සරළ කිරීමට කටයුතු කරන බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top