1150 x 80 px

අපි අඩුපාඩු පිළිගන්නා රජයක් - එරාන් වික්‍රමරත්න
ප්‍රජාතන්ත්‍රවාදය අරක්ෂා කළ රජයක් ලෙස වත්මන් රජයට කිසිදු චෝදනාවක් කළ නොහැකි බව අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අද (06) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව යන කුළුණු මත රටේ ආර්ථික ප්‍රතිපත්තිය පවා සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය. ජනතාව දැන් තීරණය කළ යුත්තේ වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යනවාද නැත්නම් පෙර පැවති ප්‍රජාතන්ත්‍රවාදය අහිමි යුගයක් කරා නැවත යනවාද යන්න බව ද එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව මෙන්ම එජාපය ගෝත්‍රවාදයට ඉඩ නොදෙන හෙයින් ජනතාවට තෝරා   ගැනීමට ඇත්තේ එජාපය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මේ වන විටත් බිම් මට්ටමේ පක්ෂය ශක්තිමත් ලෙස ගොඩනැගෙමින් පවතින බව වික්‍රමරත්න මහතා සඳහන් කළේය. මාධ්‍ය හරහා සිදු කරන වැඩපිළිවෙල මෙන්ම ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම අරඹා ඇති බවද හෙතෙම කියා සිටියේය. වත්මන්  ආණ්ඩුව සිය වැරදි පිළිගන්නා ලෙසම රට වෙනුවෙන් ගෙවුණු වසර දෙක තුළ විශාල වැඩ කොටසක් සිදු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top