1150 x 80 px

එක්නොවීමේ වැරැද්ද මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේවි - ඉසුර දේවප්‍රිය
දෙපාර්ශවය එක්ව මැතිවරණයට ඉදිරිපත් නොවීමේ ප්‍රතිඵල මැතිවරණය අවසානයේ දැක ගත හැකි වනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රීලනිපයේ කණ්ඩායම් දෙක හෝ එකට එක්ව මැතිවරණය සඳහා  මුහුණ දීමට උත්සහ ගතයුතු වුවත් ඒකාබද්ධ විපක්ෂයෙන් ඊට සාධාරණ විසඳුමක් නොලැබුන බවයි දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) නගර සභා කිහිපයකය ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්දක්වමිනි. 
පුංචි ජන්දය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ හා සන්ධානයේ ඇතැම් නවක මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබඳව මනා ලෙස විද්‍යාමාන වූ බවයි දේවප්‍රිය මහතා කියා සිටියේ. හිටපු ජනාධිපතිවරයා පවා එකඟ වූ ඇතැම් කාරණා ඔවුන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.  ඉතා සුපිරිසිදු කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top