1150 x 80 px

 

හිතේ ටැටූ කෙටූ ඉන්දික සමුගනී
නූතන පරපුරේ ජනප්‍රිය නිර්මාණාත්මක කවියෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා අද (13) දිවියෙන් සමුගෙන තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍යවල ජනප්‍රිය කවියෙකු වන ඉන්දික ගුණවර්ධන, ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ සොහොයුරෙකි.
 
ඉන්දික වත්මන් කවිය තුළ අමුතු ආරක කාව්‍ය නිර්මාණ සිදුකළ අයෙකු වන අතර ඔහු සිය නිර්මාණ සඳහා සාමාණයෙන් කවීන් භාවිතා නොකරන අමුතු වචන භාවිතා කරයි. ඔහු 'හිතේ කෙටූ ටැටූ' නමින් කාව්‍ය ග්‍රන්ථයක් ද එළිදැක්වීමට සමත් විය.
 
හිතේ කෙටූ ටැටූහි අන්තර්ගත කවි කිහිපයක්......
 
කළු සුදු
 
ඈට
සතියෙං
සුදු වෙන්න
ෆෙයානස් ක්‍රීම් ගන්න
මං
සල්ලි හෙව්වෙ
ගිනි කස්ටක
අව්වෙ
හරි සුදුයි 
දැන්
AKON
වගෙ
මං
 
 
හිතේ කෙටු ටැටූ
 
පොත ගන්න , 
ඔයා පහත්වුනු, 
තත්පරේට , 
ඔයාගේ,
ටයිට් ඩෙනිම අස්සේ හිටි , 
නිල්පාට සමනළයා , 
ඉගිල්ලිලා ඇවිත්, 
මගේ හිතේ වැහුව, .
දැන් ඌව ,
එලවගන්න බෑ මට ,
රෑට .

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top