1150 x 80 px

 

ඉන්දීය ගුවන් හමුදාපති මහනුවර සංචාරයක

සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ මහතා අද (13) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.

පස් දින සංචාරයක් සදහා පැමිණි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

එහිදි සිය සංචාරය සනිටුහන් කරමින් ඉන්දියානු ගුවන් හමුදාපතිවරයා විසින් දියවඩන නිලමේවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර දියවඩන නිලමේවරයා විසින් ගුවන් හමුදාපතිවරයා වෙත තිළිණයක් පිරිනමන ලදි. ශ්‍රී දළදා මාලිගාවේදී ආගමිකවතාවක්වලට සහභාගීවූ ඉන්දියානු ගුවන් හමුදාපතිවරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ පිහිටි ඉන්දියානු බෞද්ධ මැදිරිය නිරීක්ෂණය කිරිමට ද එක්විය.

නුවර නදීක දයා බණ්ඩාර

 

ind2

ind3

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top