1150 x 80 px

 

මට සටන තියෙන්නේ එජාපය එක්ක - බස්නාහිර මහ ඇමති

 ශ්‍රීලනිපයේ පොදු සතුරා ඒකාබද්ධ විපක්ෂය නොව එක්සත් ජාතික පක්ෂය වන හෙයින් පළාත් පාලන මැතිවරණයේදී තමන්ට එජාපය සමඟ සටනක් ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. ප්‍රධාන අමත්‍යවරයාමේ බව සඳහන් කළේ මහරගම කොට්ඨාසයේ නාමයෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ කිරීමට දැඩි වෙහෙඅක් ගත්තද ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීමෙන් එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ බව දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එහෙත් ඊට ප්‍රත්චාරයක් ලෙස විශ්වය සිය මුහුණ දෙස බලා තීන්දුවක් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

 


1991 හා 97 කාලයන්හිදී මහරගම නගර සභාවේ සභාපති බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් මහරගම ජනතාවට විශාල වැඩකොටසක් කර ඇති හෙයින් මෙවර මහරගම නගර සභාවේ බලය තමන් වෙත ලබා දෙන ලෙස ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ



Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top