1150 x 80 px

 

ඊපීඩීපී අපේක්ෂකයන්ගෙන් 50% ක් කාන්තාවන් - ඩග්ලස් දේවානන්දා

එළඹෙන පලාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂයෙන් අපේක්ෂිකාවන් සඳහා 25% ක් නොව 50% ක් වෙන් කර ඇතැයි ඊපීඩීපී සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් ඊපීඩීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ සුදුසුකම් සහිත හා අත්දැකීම් සහිත උතුරේ කාන්තාවන් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන බවය.

තමා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළ දෙමල ජාතික සන්ධානය සහ ඇතමුන් කිසිදු චෝදනාවක් ඔප්පු කර පෙන්වීමට අසමත් වී සිටින බවත් මෙම සියලූ චෝදනා දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කළ අසත්‍ය ප‍්‍රකාශ පමණක් බව දැන් තහවුරු වී තිබෙන බවත් ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේය.

දෙමල ජාතික සන්ධානය උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දු බොහොමයක් මේ දක්වා ඉටු කර නැතැයි පැවසූ දේවානන්දා මහතා ජනතා ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය හැකි එකම විකල්පය වශයෙන් ඊපීඩීපී පක්‍ෂය ක්‍රියා කරන බවත් එ් අනුව මෙවර පලාත් පාලන මැතිවරණයේදී ජනතාව සුදුසු තීරණය ගනු ඇති බවත් ප‍්‍රකාශ කළේය.

අශන්ති වරුණසූරිය

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top