1150 x 80 px

 

අ'පුර විශේෂ මහාධිකරණය, උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක 02 ලෙස නම් කෙරේ!

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නඩු හා ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් වූ නඩු ඇසීමට ස්ථාපනය කර තිබූ අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

 

ඒ අනුව අනුරාධපුර විශේෂ මහාධිකරණය මින් ඉදිරියට උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක දෙක ලෙස නම් කරනු ලැබේ.

මෙම විශේෂ අධිකරණය ස්ථාපිත කරනු ලැබුවේ 2014 සැප්තැම්බර් 24 වෙනිදා, එවකට අගවිනිසුරු ලෙස සේවය කළ මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top