1150 x 80 px

 

වීර චරිත තුනක් කථානායකවරයාගේ ඇගයීමට ලක්වේ!

පසුගිය වසරේ නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් තම දිවියට ඇති අවදානම නොහිතමින් ජීවිත රැසක් බේරාගැනීමට කටයුතු කළ, ලොවපුරා ප්‍රසිද්ධියට පත් නේපාල ජාතික ලක්ෂ්මී සුන්දර ‍ගෙයින්ජු (Lakshmi Sundar Geinju ), ප්‍රථම වරට එවරස්ට් කදුමුදුන තරණය කල ශ්‍රී ලාංකික කාන්තාව වූ ජයන්ති කුරුඋතුම්පාල සහ ඇගේ සහයකයා වූ යොහාන් පීරිස් යන මහත්ම මහත්මීන් ඇගයීම පාර්ලිමේන්තු කමිටු ශාලා 01 දී  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී ලක්ෂ්මී සුන්දර ගෙයින්ජු වෙත ආසියානු විරුජන ස්වර්ණ සම්මානය පිරිනැමීම ද සිදුවූ අතර, ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් මහතා වෙත ද විශේෂ සම්මාන පිරිනැමිනි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහා කළේ වාණිජකරණය වූ තරඟකාරී කාර්ය බහුල සමාජයෙහි මිනිසුන් තුල උතුම් මානුෂීය ගුණාංග වියැකෙමින් තිබෙන බවත්, පාරාර්තකාමිත්වයෙන් යුතුව සමාජයේ සෙසු මිනිසුන්ගේ අභිවෘර්ධිය වෙනුවෙන් කැපවන උතුම් මිනිසුන් අවධානයෙන් ගිලිහෙමින් ඇති බවයි.

උතුම් මිනිසුන් අගය කිරීම යහපත් සමාජයක ප්‍රගමනයට හේතු වන වැදගත් කාරනාවක් හෙයින්, පාර්ලිමේන්තුව වැනි තැනකින් එවන් කටයුක්තක් සඳහා මැදිහත් වන්නට ලැබීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත් වන බවත්, කථානායකවරයා සදහන් කලේය.

 award 2

මෙම විශේෂ සම්මාන ඇගයීම් උත්සවය පාර්ලිමේන්තුවේ සංවිධානය කෙරුනේ වීර පොදු ජන පදනම කථානායක කරු ජයසුරිය මහතාගෙන් කල ඉල්ලීමකට අනුවයි. මෙම වීර පොදු ජන පදනම නියෝජනය කරමින් එහි උපදේශක හිටපු අමාත්‍ය පී.දයාරත්න, වීර පොදු ජන පදනමේ සභාපති නීතීඥ කසුන් පී. චන්ද්‍රරත්න යන අයද එක්වුහ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top