1150 x 80 px

 

ජනාධිපතිතුමා පාට නොබලා හොරුන්ට හොර ලේබලය අලෙව්වා - ඩිලාන්
පාට, පක්ෂ නොබලා හොරුන්ට හොරු ලේබලය ගැසීමට ජනාධිපතිවරයා පසුබට නොවූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගිය (11) දින හාලිඇල දී පැවති ජන හමුවකදී පැවසීය. ඒ හේතුවෙන් අද එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත සහය පළකරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 
බැඳුම්කර කොමිසමේ  වාර්තාව හා බරපතල මුල්‍ය අපරාධ කොමිසමේ  වාර්තාව මඟින්  එජාපයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ හොරු එකින් එක අනාවරණ වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. 
 
ඒ අනුව දැන් පැහැදිලිවම හොරු නැති පැත්තක් තෝරන්නේ නම් තේරීම වියයුත්තේ බුලත් කොළය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top