1150 x 80 px

 

හිටපු ජනපතිගේ පව් ගෙවන වත්මන් අගමැති !
හිටපු ජනාධිපතිවරයාගේ පව් වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) කොළඹ හැව්ලොක්සිටි සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එජාපයේ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි. රාජපක්ෂ මහතා භාර දී ඇත්තේ ණය ගෙවීමට නොහැකි ආණ්ඩුවක් බවයි වික්‍රමසිංහ මහතා එහිදි ප්‍රකාශ කළේ. 
මේ වන විට කිසිවෙකුත් රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න නොනගන නමුත්  බලගතු  ශ්‍රී ලංකාවේ ප්‍රධානම තැන තියෙන්නේ නුවර සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා ඇතිවන යටිතල පහසුකම් සංවර්ධනයට බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. එම කලාපය තුළ වරාය 02ක්, ගුවන් තොටුපොළ 02ක්, කර්මාන්ත කලාප, වාණිජ කලාප ඇතිවන අතර එම ආර්ථික කලාපයේ කේන්ද්‍රය කොළඹ නගරය බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. ධ්‍යම අධිවේගය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට වත්මන්  ආණ්ඩුව මූලිකත්වය දී ඇත්තේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට බවයි හෙතෙම අවධාරණය කළේ.
 
රටේ  ආර්ථිකය ගොඩනගන අතර අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටළු හා ඉදිරි වසර 10 තුළ පැමිණීමට නියමිත ගැටළු වලට පිළිතුරු සෙවීමට ආණ්ඩුවට හැකිවූ බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ. කොළඹ කුණු ප්‍රශ්නය විසඳීම ඊට හොඳම නිදසුනක් බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ අනුව ඉදිරි වසර 04 තුළ කොළඹ නගරය වඩා දියුණු නගරයක් බවට පත් කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top