1150 x 80 px

 

මංගලගේ ගැසට් නිවේදනය ජනපති අවලංගු කරන්න යයි

කාන්තාවන්ට මත්පැන් මිලදී ගත නොහැකි ලෙස පනවා තිබුණු ඉපැරණි නීතිය අවලංගු කරමින් සහ මත්පැන් අලෙවිසල් විවෘත කර තිබෙන කාලසීමාව වෙනස් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තාවේ.

 

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් ඉහත කී ගැසට් නිවේදනය හේතුවෙන් රටේ සාරධර්ම පිරිහී යාහැකි බවත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ට නිලධාරියකු ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශ කළේය.

අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට අවසර ලබාදෙමින් සහ කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම සඳහා අවසර ලබාදෙමින් නීති සංශෝධනය කෙරෙන බව රජය නිවේදනය කළේ පසුගිය 10 වනදාය. 1955 සිට ක්‍රියාත්මක වූ පැරණි නීතිය මගින් කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව සලකා බලා නීතිය සංශෝදනය කරන බව රජය ප්‍රකාශ කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top