1150 x 80 px

 

ශ්‍රී ලංකා පොලිස් ගීතය දෙමළ බසට පරිවර්තනය කෙරෙයි

වසර 151 ක ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිසියේ තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්ථනය නිල වශයෙන් ඊයේ (20) වව්නියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට භාරදෙනු ලැබීය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනතාවගේ හදවතට දැනෙන පරිදි කන්දප්පු ජයන්දන් මහතා විසින් දමිළ බසට පරිවර්තනය කරන ලදී.

ඊයේ මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා මුල්ගල තැබිමේ උත්සව අවස්ථාවේදි පළමු වරට වාදනය කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

වන්නි රොමේෂ්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top