1150 x 80 px

 

A-9 මාර්ගයේ අධික මීදුමක් - රිය ධාවනය ප්‍රවේශමෙන්

මේ දිනවල උතුරේ බොහෝ ස්ථානවල උදෑසන කාලයේදී අධික මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අධික මීදුම් තත්ත්වය යාපනය - මහනුවර A - 9 මාර්ගයේදී අධිකව දැකගත හැකිය. වව්නියාවේ සිට යාපනය දක්වාම අධික මීදුම් තත්ත්වයක් හටගෙන ඇති නිසා රියදුරන්ට රිය ධාවනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස අදාළ පොලිස් ස්ථානයන්හි රථවාහන නිලධාරීන් විසින් ද උපදෙස් ලබා දී ඇත.

මේ අතර ජනවාරි මස අවසන් වී පෙබරවාරි මාසයේදී මේ අයුරින් මීදුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් උතුරේ ගොවිතැන් කටයුතු සඳහා ලැබිය යුතු වර්ෂාව නොලැබීමේ අවදානමක්ද පවතින බවත් එසේ වුවහොත් උතුරේ බොහෝ ප්‍රදේශයන්හි ගොවිතැන් කටයුතු විනාශ විය හැකි බවත් උතුරේ ගොවීහු වැඩිදුරටත් කියා සිටිති.

ඔවුන් පවසන්නේ මෙවැනි මීදුමක් ඇති වීම ඉදිරියේදී වර්ෂාව නොලැබෙන බවට පෙරනිමිත්තක් බවය.

A9 web

A9 1 web

A92 web

රොමේෂ් මධුෂංඛ - වන්නි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top