1150 x 80 px

 

ශ්‍රීලනිප ඇමතිවරුන් බඩු පැක් කරයි

තවදුරටත් යහපාලන ආණ්ඩුවේ අගමැති තනතුර වෙනස් නොවන්නේ නම් ඇමති ධුර අත්හැර විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කිරීමට ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් තීරණය කර තිබේ.

වත්මන් ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් 35 දෙනෙකු පමණ මෙම තීරණයට එළැඹ ඇති අතර මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන් කිසිසේත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය හා එක් නොවන බවයි. එම පිරිස විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බලපාපොරොත්තුවෙන් සිටින අතර මේ වනවිට ශ්‍රීලනිප ඇමතිරුන් බහුතරයක් සිය ඇමති ධුරවලින් ඉවත් වීම සඳහා සූදානම් වෙමින් සිටී.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබා දුන් මතයට අනුව අග්‍රාමාත්‍ය ධුරය වෙනස් විය යුතු බවත් මෙම තීරණය කිසිසේත් එජාපය හෝ අග්‍රාමාත්‍යවරයා සමග හෝ පෞද්ගලික අමනාපයක් මත ගත් තීරණයක් නොවන බවත් එම කණ්ඩායම ප්‍රකාශ කර සිටී.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වනවිටත් සිය අමාත්‍යංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුට සිය අදහස ප්‍රකාශ කර ඇති අතර අමාත්‍යවරයාගේ කාර්යාලයේ බඩු බාහිරාදිය ද ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. ඔහු පවසන්නේ රැඩිකල් වෙනසක් සිදු නොකර සුපුරුදු ලෙස ආණ්ඩුව ගෙනයන්නේ නම් ඉන් අත්වන විනාශකාරී දේශපාලන ඉරණම පිළිබඳව හොඳින් වටහාගත හැකි බවයි.

නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ට අමතරව සුසිල් ප්‍රේම්ජයන්ත්, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙම කණ්ඩායමට අයත් වන බවයි වාර්තා වන්නේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top