1150 x 80 px

 

ලසන්ත ඝාතනය : හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත් අඩංගුවට

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඊයේ (13) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 ලසන්ත ඝාතනය සිදුවූ සමයේදී ප්‍රසන්න නානායක්කාර මහතා බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

අත් අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත් - 

ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ IP අත් අඩංගුවට

ලසන්ත ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ගෝටා ඇමරිකාවේ සිට කලබල වෙලා

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top