1150 x 80 px

 

නාලක ගොඩහේවා අධිකරණයට කැඳවයි
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකුට ලබන 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (14) කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. දුනුසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේය.
මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නාලක ගොඩහේවා මහතා, ධම්මික පෙරේරා, ටෝනි පීටර්සන් යන තිදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත
 
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 05 ක මුදලක් පෞද්ගලික සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top