1150 x 80 px

 

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් DIG රිමාන්ඩ්

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

 

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ ඊයේ (13) අත් අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top