1150 x 80 px

 

ශ්‍රීලනිප ඇමතිවරුන් දෙකඩ වෙයි
නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමතිවරුන් අතර මත දෙකක් නිර්මාණය වී තිබේ. අද (14) පැවති කැබිනට් මණ්ඩල හමුවේදී එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවන බවට ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව නව ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඇමතිවරුන් ගන්නා තීරණය කුමක්ද යන්න තවමත් තීරණය කර නොමැත.
කෙසේ වෙතත් කැබිනට් රැස්වීමෙන් පසු ශ්‍රීලනිප ඇමතිවරුන් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. එහිදී ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එජාපයට සහයෝගය දැක්විය යුතු බවයි. ජනවාරි 08 ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් තීන්දුව ආරක්ෂා කරමින් එහිදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කළ බව ඔවුන්ගේ අදහස වී තිබේ.
 
ඔවුන් පවසන්නේ කිසිසේත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමග එක්විය නොහැකි බවයි.
 
මෙම යෝජනාවට එරෙහිව තවත් ඇමතිවරුන් පිරිසක් කරුණු දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ කුමන පදනමක් මත හෝ එජාපයට සහයෝගය ලබාදිය නොහැකි බවයි. එය ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහිව යන්නක් බවත් කළයුත්තේ ඕනෑම පක්ෂයකට ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට ඉඩ ලබාදී විපක්ෂයේ වාඩිවීම බවත් ඔවුන් අවධාරණය කර තිබේ.
 
මේ අතර මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර එහෙත් ඒ සඳහා බහුතරයකගේ විරෝධය පළවීම ද විශේෂත්වයකි.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර අවශ්‍ය ඕනෑම ඇමතිවරයෙකුට එජාපය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
 
ජනාධිපතිවරයා මහින්ද පාර්ශ්වය සමග එක්ව හෝ ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ නොකරන පසුබිමක ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් එජාපයට එකතුවීමේ වැඩි ඉඩක් පවතින අතර එසේ වුවහොත් ශ්‍රීලනිපය තවදුරටත් දුර්වල වනු ඇත. ශ්‍රීලනිප ඇමතිවරුන් 10 ක් පමණ එජාපයට එකතුවීමේ කැමැත්තෙන් පසුවේ. සෙසු පිරිස විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top