1150 x 80 px

 

දේශපාලනයේදී වැදගත් වන්නේ ජනතාවයි - ෆයිසර් මුස්තාෆා
දේශපාලනයේදී වැදගත් වන්නේ ජනතාව මිස තනතුරු නොවන බව පළාත් සභා සහ  පළාත් පාලන  අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය. 
මැතිවරණයකට පෙර බොහෝ දෙනා ජනතාව හමුවට පැමිණ ඔවුන්ගෙන් ජන්දය ලබා ගත්තද මැති ඇමතිවරුන් වූ විට එම ජනතාව අමතක කරන බවයි මුස්තාෆා මහතා සඳහන් කළේ. ජනතාව  වෙනුවෙන් ඔවුන් කාලය වෙන් නොකරන බවයි ඔහු කියාසිටියේ. තමන් එවැනි දේශපාලනයක් අනුමත නොකරන අතර අද දවසෙත් ජනතාව වෙනුවෙන් සිය කාලය කැපකළ බව හෙතෙම ප්‍රකාශ කළේය. 
 
මුදල් හා භාණ්ඩ බෙදීම නොව වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් කාලය වෙන් කිරීම බව අමාත්‍යවරයා පැවසීය. 
 
විශේෂයෙන්ම පිටකොටුව වෙළෙඳසල් හිමියන් ඇමතූ මුස්තාෆා මහතා අවධාරණය කළේ පදික වෙළඳුන්ට අවහිරතා ඇති නොකරන ලෙසයි. වෙළෙඳසල් මෙන්ම පදික වෙළඳුන් ද සිටිය යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කිසිවෙකුට හෝ අසාධාරණයක් කිරීමට තමන් එකඟ නොවන අතර වෙළෙඳසල් හිමියන්ගේ  මෙන්ම පදික වෙළඳුන්ගේද ගරුත්වය ආරක්ෂා කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top