1150 x 80 px

 

යහපාලනයේ අනාගතය තීරණය කරන කමිටුව හදන්න කැබිනට් එකඟතාව !
පළාත් පාලන මැතිවරණයෙන් පසුව අද (14) ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උදෑසන 10.30 ට පමණ ආරම්භ වූ එම කැබිනට රැස්වීමට කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනා සහභාගී වී තිබේ. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන තීන්දු තීරණ ගැනීම සඳහා මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී කමිටුවක් පත්කිරීමට ඊයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු කණ්ඩායමක් අතර පැවති සාකච්ජාවේදී තීරණය විය. එහෙත් අද කැබිනට් රැස්වීමේදී එම කමිටුව පත් කර නොමැති නමුත් එම කමිටුව පත්කිරීමේ එකඟතාව ඇතිව කැබිනට් රැස්වීම අවසන් වී ඇත. කෙසේ වෙතත්  ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ජා කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන්. විශේෂයෙන් රාජ්‍ය  පාලනය පිළිබඳ නිවැරදි ස්ථාවරයකට පැමිණිය යුතු බවට සියලු දෙනාම එකඟ වී ඇත. 
ජනතාව බලාපොරොත්තු වන සංවර්ධන හා සුභ සාධන ඉලක්ක ඉටුකර ගන්නා ආකාරයත් රජය පාලනයත් පිළිබඳව අද කැබිනට මණ්ඩලය සාකච්ජා කර ඇත. කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු හා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු අතර සාකච්ජාවක් සිදු කිරීමටද නියමිතව තිබේ.  
 
මේ අතර රට තුළ උද්ගතව ඇති දේශපාලන කැළඹීම පිළිබඳව ඉන්දියානු මහකොමසාරිස්වරයා සහ ඇමරිකානු මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක්ද පැවැත්විණි. වාර්තා වන අන්දමට ඔවුන්ගේ අදහස් වී ඇත්තේ වත්මන් යහපාලනය ඉදිරියට ගමන් කළ යුතු බවයි. 
 
කෙසේ වෙතත් අද සන්ධ්‍යාව වන විට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා තීරණාත්මක තීන්දුවකට එළඹෙනු ඇතැයි  විශ්වාසය පළවෙමින් තිබේ. 
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top