1150 x 80 px

මුදිත ජයකොඩිගේ තොරතුරු මත බැසිල් අත්අඩංගුවට!

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද (06) කැඳවා තිබුණු අතර එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු හිටපු අමාත්‍යවරයාව FCID නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන ගොස් ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක සුඛෝපභෝගී නිවසක් මහජන මුදල් උපයෝගී කරගෙන ගොඩ නැගීම සම්බන්ධයෙනි.

මෙම නිවස ගොඩ නැගීම සිදුකර ඇති ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලබා දුන් ප්‍රකාශයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මාතර බ්‍රවුන්ස් හිල් හි ඉදිකර ඇති වෙරළ කුටි (Beach Shalese) 4 ද බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ නැගෙණියට නොමිලේ ඉදිකර දී තිබෙන්නේ ගෘහනිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසිනි.

මුදිත ජයකොඩි හට ටෙන්ඩර් නොකැඳවා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාදී බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තම නිවෙස් ඉදිකර ගත් ආකාරය මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.

මේ පිළිබඳව සියළුම විස්තර අඩංගු සවිස්තර වාර්තාවක් ලඟදීම බලාපොරොත්තු වන්න.......

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top