1150 x 80 px

අයිතිකරුවෙකු නැති මල්වානේ ඉඩම වෙන්දේසියට අවසර

කිසිදු අයිතිකරුවෙකු නොමැති බවට තහවුරු වූ මල්වානේ පිහිටි අක්කර 16 ක ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට පූගොඩ මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.

මෙම ඉඩම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවත් එය ඔහු අයථා ලෙස උපයාගෙන ඇති දේපලක් බවටත් චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබිණි.

හිටපු අමාත්‍යවරයා මෙම ඉඩම හා එහි පිහිටි දේපල තමන්ට අයත් නොවන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉන්පසු එම දේපලෙහි දැනට හිමිකාරීත්වය දරන පුද්ගලයා ද එය තමන්ට අයත් නොවන බව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව හිමිකරුවන් නොමැති දේපලක් බවට පත්වූ මෙම ඉඩම එහි පිහිටි නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අද නියෝගයක් ලබාදී තිබේ. මෙම නඩුව නැවත එළඹෙන වසරේ ජනවාරි මස 10 වැනිදා කැඳවීමට නියමිතය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top