තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉන්දියාව ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?

තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය, අයිතියක් වනතුරු ඒ වෙනුවෙන් වූ මාධ්‍ය භාවිතාව අපගේ දෙවුර මතින් ලිස්සා නොයන වග මීට 24 පැයකට ප්‍රථම අපි අවධාරණයෙන් සටහන් කළෙමු. ඒ අනුව නීතිඥ රදිකා ගුණරත්න සමඟ අදත් ඔබ හමුවට පැමිණෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ සිතන්නට,සොයන්නට ඔබට බල කෙරෙන  මානයක් සමඟින්.

'අපේ අසල්වැසියා, අසල්වැසියා ගැන  මේ දවස් වල නිතර දෙවේලේ කතාබහ කෙරෙනවා.සමහරුන්ට හින්දුස්ථාන් කියද්දී නොදිරවන ස්වභාවයක් තියෙනවනේ.මෙතනට ඒ දිරවිලි ,නොදිරවිලි කොහෙත්ම අදාළ නැහැ. මොකද අපි කතා කරන්නේ කිසිකෙනෙකුට එපා කියන්න,ප්‍රතික්ෂේප කරන්න බැරි කාරණයක් ගැන. ඒ තමයි තොරතුරු අයිතිය.ඉන්දියාව කියන්නේ මේ වෙද්දී තොරතුරු අයිතිය තහවුරු කරගත් රටක්.මහා අභිමානයක් සහිත ජන අරගලයක ප්‍රතිඵලයක් විදිහට තමයි රාජස්ථාන් ප්‍රාන්තයෙන් මේ අයිතිය සමස්ත පුරවැසි අයිතියක් බවට පත්වෙන්නේ.රාජස්ථානයේ දුප්පත් ගැහැණුන්ට තම පාලකයන් ප්‍රශ්න කිරීමට තිබූ හයිය විසින්  ඔවුන් තමන්ගේ අයිතිය තහවුරු කර ගන්නවා. තමන් වෙනුවෙන් පෙනී සිටින බව කියන ජනතා නියෝජිතයන්ට තවදුරටත් කණෙන් රිංගා යා නොහැකි තැනට රාජස්ථානයේ ගැහැණුන් නැගී සිටින්නේ තොරතුරු අයිතිය අවියක් කරගත් නිසාමයි. තොරතුරු අයිතිය දිනා ගැනීමට පෙළ ගැසී සිටින පුරවැසියන් ලෙස  ඒ රාජස්ථානයේ සුවඳ  ඔබත් විදිය යුතුමයි.

 

සබැඳි පුවත්

තොරතුරු දැන ගැනීමේ අයිතිය සැබෑවට භුක්ති විඳිමු!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top