Untitled 1

ඖෂධ නිෂ්පාදනයට ජපාන ආධාර
මෙරටදී ඖෂධ නිෂ්පාදනය කිරීමේ ධාරිතාවය වැඩිකිරී සඳහා නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රුපියල් බිලියන 1.5 ක් වැයකර නවීන යන්ත්‍රෝපකරණවලින් හා නවීන තාක්ෂණයෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මේ සඳහා ආධාර ලබාදීමට ජපානය කැමැත්ත පළකර ඇති බවයි. ඒ අනුව ආධාර ලබාදෙන ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර අදාල ගිවිසුම අත්සන් කිරීමට නියමිතය.
 
සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ 2018 වසර අවසන් වනවිට මෙරට භාවිත කරන ඖෂධවලින් 75% ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන බවයි. ඖෂධ ආනයනය කිරීමේදී විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් එම මාෆියාවට නොබියව මුහණ දෙමින් මේ වනවිට ආනයනික ඖෂධ විශාල ප්‍රමාණයක මිල අඩුකිරීමට සමත් වී ඇති බවත් පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම එහි තවත් එක් පියවරක් බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top