භූමිතෙල් මිල රු.5කින් අඩු කෙරේ!

භූමි තෙල් ලීටරයක මිල අද  (10) මධ්‍යම රාත්‍රියේ සිට රු.5 කින් අඩු කර ඇත. ඒ අනුව දැනට ලීටරය රු.49/-ක් වන භූමි තෙල් මිල රු.44/- දක්වා අඩු වනු ඇත.

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක්  ජනවාරියේ සිට රු.5කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top