තොරතුරු දැන ගැනීමේ අයිතිය අවියක් වූ වග ....

2005 වසරේ තොරතුරු අයිතිය දිනාගන්නා ඉන්දියාව 2009 වසර වන විට ඊට නිර්මාණ වේෂයක් ලබා දෙන්නත් අමතක කරන්නේ නැහැ. භාරතයේ විශිෂ්ඨ නිර්මාණකරුවෙකු වන ශ්‍යාම් බෙනගල් එකී භුමියේ යථාර්තයත් එය කුඩුපට්ටම් කරන්නට ඒ මිනිසුන් තුළ තිබූ ධෛර්යයත් තමන්ගේ නිර්මාණ කාර්යයට ප්‍රවේශ කරන්නේ බොහොම අපූරුවට. ජරාජීර්ණ වූ දේශපාලන දේහය තුළ වතුර වීදුරුවක්වත් නැතිව ජිවත් වෙන්නට සිදු වූ මිනිසුන් තමන්ගේ ඉරණම තම තමන්ම ප්‍රශ්න කරමින් ඊට උත්තර හෙව්වේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අවියක් කර ගනිමින්.


තොරතුරු අයිතිය අත්පත් කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසී සිටින ශ්‍රී ලංකේය පුරවැසියන්ටත් ඒ වෙනුවෙන් විවිධ මානයන් ස්පර්ශ කළ යුතු වීම අනිවාර්යයක්.මඟ දැන ගියොත් අතරමං වන්නේ හෝ අතරමං කිරීමට නොහැකි වග ඔබ හොදින්ම දන්නවා.

ඉතිං සහෘදයනි, ශ්‍යාම් බෙනගල්ගේ  "WELL DONE ABBA"  එකී දේශපාලන කියවීමට ඔබව රැගෙන යනු ඇති.මොහොතක් රැදෙන්න කපිල්ධරාවේ සුළඟ සමඟින්.

පෙර සටහන්

තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉන්දියාව ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top