මහවැලියේ අවසන් සහ විශාලතම ජලාශය වන මොරගහකන්දට මංගල දියවර පිරේ
මෙරට දැනට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට අයත් මොරගහකන්ද ජලාශයට මංගල දියවර පිරවීම අද (11) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙහි අවසන් සහ විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල බව කියැවේ. ඇමරිකානු ඩොලර් මිලියන 555.70ක වියදමින් මෙම ජලාශය ඉදිකර ඇති අතර මීට ජලය පිරවීමට සමගාමීව ම කිලෝ මීටර් 103ක් දිගැති ලංකාවේ දිග ම ඇළ මාර්ගය ඉදිකිරීම ද ආරම්භ කෙරේ. 
 
මෙම ජලාශය මඟින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අති විශාල ජනතාවකගේ ජල ගැටළු වලට විසඳුම් ලබා දීමට නියමිතය. එසේම ඉඩම් අක්කර ලක්ෂ තුනක් අලුතින් අස්සවැද්දවීමට ද මින් අපේක්ෂා කෙරේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top