1150 x 80 px

තොරතුරු පනත පිළිබඳ ගැසට් නිවේදනය පෙබරවාරි මුල - ජනමාධ්‍ය ඇමති
තොරතුරු දැනගැනීමේ පනතට අදාල ගැසට් නිවේදනය පෙබරවාරි 03 වැනිදා නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවේදීය.
මෙම පනත සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය සිදුකළ යුතු කාර්යයන් සියල්ල නිමකර ඇති බවත් 03 වැනිදා ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු සෑම පුරවැසියෙකුටම තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලබාගැනීමට නීතිමය වශයෙන් අයිතිවාසිකම් ලැබෙන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
මේ වනවිට තොරතුරු පනත සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර ඇති බවත් මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු පවත්වා පනතේ කාර්යපටිපාටිය පිළිබඳ දැනුවත් කළ බවත් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට සියලු රාජ්‍ය ආයතන සඳහා තොරතුරු නිළධාරීන් පත්කර ඇති අතර ඔවුන් සියලු දෙනාටම විශේෂ පුහුණුවක් ලබාදීමට ද ජනමාධ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
 
මෙම සාකච්ඡාව සඳහා තොරතුරු කොමිසමේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා ඇතුළු කිශාලි පින්ටෝ ජයවර්ධන, එස්.ජී. පුංචිහේවා, ඒ.ඩබ්.ඒ. සලාම්, සෙල්වි තිරුචන්ද්‍රන් යන කමිටු සාමාජිකයන් සහභාගි වූ අතර නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා සහ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ද එක්ව සිටියහ.
 
කොමිසමේ සභාපති 
 
thorathuru 1
thorathuru 2

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top