1150 x 80 px

ජීඑස්පී ප්ලස් බදු සහනය ක්‍රියාත්මකයි
යුරෝපා සංගමයට අයත් රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී මෙරටට ලැබෙන බදු සහනය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුරෝපා කොමිසම විසින් අද (11) නිවේදනය කර තිබේ. ඒ අනුව ඇඟලුම්, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු යුරෝපා සංගම් රටවලට අපනයනය කරන නිෂ්පාදන සඳහා ආනයනික බදු සහන හිමිවේ.
නව රජය යටතේ මානව හිමිකම්, පරසර ආරක්ෂණය, යහපාලනය ස්ථාපිත කිරීම යන අංශවල වර්ධනය සඳහා දක්වන ලද සාධනීය කැපවීම හේතුවෙන් නැවත බදු සහනය ලබාදීමට තීරණය කර ඇති බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
 
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති යුරෝපා කොමිසමේ වෙළඳ කොමසාරිස් සිසිලියා මල්ම්ස්ට්‍රොම් පවසන්නේ ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් සපයන බවයි. මෙම බදු සහනය අත්පත් කරගැනීම සඳහා මානව හිමිකම්, නීතිය, යහපාලනය ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති වර්ධනය තවදුරටත් ඉදිරියට යනු ඇති බවට අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top