විධායකය  අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරය අහෝසි වන හෙයින් 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.2020දී ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීමට ජනාධිපතිවරයාගේ හෝ අපේක්ෂාවක් නොමැති බවත් ඊට ජන වරමක්ද නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් විවිධ කාරණා පැවසුවද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ තීරණය හකුළා නොමැති බව සේනාරත්න මහතා අවධාරණය කළේය.

යුද්ධය පවතී සමයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ගැටළුකාරී තත්ත්වයක් පැවතියද 2010 වසරෙන් පසු එම වලංගුතාව නොමැති බවයි හෙතෙම පෙන්වාදුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කතා බහට ලක්විය. ඒ පිලිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී  පෙරේරා මහතා ප්‍රකාශ කළේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන 40ක් අවභාවිතාව නිසා රජයට රුපියල් ලක්ෂ 916 ක අලාභයක් සිදුව ඇති බවයි.තම ඥාතී හිතමිතුරන්ට රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීමට ලබාදී ඇති අතර හිතවතුන් අතර මාධ්‍යවේදීන් හා ස්වාමීන් වහන්සේලාද සිටින බව සඳහන්.නීතිය හැමදෙනාටම පොදුවේ ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාව සිටි වත්මන් එජාප පාර්ලිමේන්තු  මන්ත්‍රී ආශු මාරසිංහ අය ථා  ලෙස රජයේ වාහන භාවිතා කර නොමැති බවත් ඔහු එම ක්‍රියාවලියට දායක වී නොමැති බවත්ය.විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය පිලිබඳ තිබූ කනස්සල්ල හේතුවෙන් මස 10 ක් වැනි කාලයක් තුළ ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා ඇස් වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top