Untitled 1

සරසවි සිසුන්ට තවත් සටන් පාඨයක් !

එට්කා ගිවිසුම අත්සන් කළ හොත් ගෙවුම් ශේෂ අර්බුදයක් මතුවීම වැළැක්විය නොහැකි බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා ඊයේ (11)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.එම ගිවිසුම හරහා  දැනටමත් වෙළෙඳ ශේෂය පියවා ගැනීමට ඇති  ප්‍රේෂණ අවප්‍රමාණය වීම වැළැක්විය නොහැකි  බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.ගෙවුම් ශේෂ අර්බුදයක් මතුවුවහොත් රුපියලේ අගය අවප්‍රමාණය වීම,විදේශ සංචිත පහත වැටීම,ණය ගැනීමට සිදුවීම යන කාරණා වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා පැවසුවේ ඇතැම් ආර්ථික විද්‍යාඥයන් බව පවසන අය එට්කා ගිවිසුමෙන් සිදුවන හානිය රටට අනාවරණ නොකරන බවයි.

මේ අතර එට්කා ගිවිසුම ක්‍රියාත්මක වුව හොත් අගාගතයේදී දැඩි අවධානමකට ලක්වීමට සිදුවන්නේ මේ රටේ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පරපුරට  හෙයින් එට්කා ගිවිසුමට එරෙහි සටන ඔවුන් අතට ගතයුතු බව හෙතෙම අවධාරණය කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන



Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top