තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන පුරවැසියා ඉක්මනින් දැනුවත් කළ යුුතුයි!

ලාංකේය දේශපාලනය විසින් මෙතෙක් පුරවැසියාට  අහිමි කර තිබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය අපි මේ කතාකරන මොහොත  වනවිට සමාජ ගත කර තිබෙනවා. දැන් ඒ  පිලිබඳ  වැදගත්ම කාරණය වන්නේ එය පුරවැසියා කරා හැකි උපරිම වේගයකින් රැගෙන යාමයි. එහෙත් ඒ සම්බන්ධයෙන්   සමාජයට සජීවී  බවක් නොමැති වීම රටේ  දේශපාලනයත් ඒ දේශපාලනය විසින් කොතෙක් දුරට පුරවැසියා හෙම්බත් කර ඇත්ද යන්න පිළිබඳවත් පෙන්නුම් කරන දර්ශකයක්.

මේ නිද්‍රාශීලි බව බිඳිය හැකි පාර්ශවය වන්නේ රටේ ජනමාධ්‍ය ධාරාව.පුරවැසියා සහ දේශපාලනය ගැටගසන හුය ලෙස ඔබ මෙකී පුරවැසි අයිතිය පිලිබඳ සජීවී වීම අත්‍යාවශ්‍ය කාරණයක්. පුරවැසියා වෙනුවෙන් ඔහුගේ , ඇයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කවුන්සිලයට යවන දේශපාලනඥයා දේශපාලුවෙක් වන තෙක් බලා හිදින්නට වීමම පුරවැසියාගේ අභාග්‍යයක් නොවේද? මෙම සංස්කෘතිය මුලිනුපුටා දැමිය  හැකි මොහොතකත් ඒ පිලිබඳ සවිඥානික නැත්නම් කාට කාටත් දෙයියන්ගේම පිහිටය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලනි, මේ පුරවැසියා වෙනුවෙන් ඔබ අවදි විය යුතු මොහොතයි.

ඒ සජිවීකරණය වෙනුවෙන් මේ ධෛර්යය ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි මහතාගෙන්.

පෙර සටහන්

තොරතුරු දැන ගැනීමේ අයිතිය අවියක් වූ වග ....

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top